ජාතික ජලභීතිකා මර්දන වැඩසටහනේ පරමාර්ථයන්

  1. ජලභීතිකා රෝගයට ගොදුරු වීමේ අවදානමට ලක්වූ රෝගීන්ට පුර්ණ ආරක්ෂාව තහවුරු කිරීම.
  2. ජලභීතිකා රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇති ප්‍රජාව කෙරෙහි පුර්ණ ආරක්ෂාව / රැකවරණය තහවුරු කිරීම.
  3. ජලභීතිකා රෝගයට එරෙහිව, සතුන් තුල ප්‍රතිශක්තිකරණය ගොඩනැගීම. විශේෂයෙන් සුනඛ ගහණය තුල ප්‍රතිශක්තිකරණය තහවුරු කිරීම.
  1. ජලභීතිකා වාහක සතුන්ගේ ගහණය බෝවීම පාලනය කිරීම (විශේෂයෙන් සුනඛ ගහනය බෝවීම පාලනය කිරීම).
  2. ජලභීතිකා රෝගයට ගොදුරුවී ඇතැයි සැක සහිත සතුන් මානුෂිය ක්‍රම වේදයක් මගින් ඉවත් කිරීම.
  3. ජැපනීස් එන්සෆලයිටීස් රෝගය වැළැක්වීමට, එම රෝගයට එරෙහිව ඌරන් සදහා අවශ්‍ය එන්නත් බෙදාහැරීම.

ප්‍රධාන කාර්යයන්

  1. ජලභීතිකා රෝගය වැලදුණු සහ සැක සහිත සතුන් සපා කෑ රොගීන්ට අවශ්‍ය පසු ප්‍රතිකාර ලබා දීම.
  2. ජලභීතිකා රෝගයට එරෙහිව සුනඛයින් එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරවීම.
  3. සුනඛ ගහණය පාලනය කිරීම සදහා උපත් පාලක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  4. ජලභීතිකා රෝගය පිලිබදව ප්‍රජාව දැනුවත් කිරීමේ සමුහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  5. ජලභීතිකා මර්දන කාර්යයේ නියැලි සියළුම කාර්ය මණ්ඩලය පුහුණු කිරීම.
  1. සමීක්ෂණ හා සංගණනයන් පැවැත්වීම.
  2. දැනට ක්‍රියාත්මක වන ජලභීතිකා මර්දන වැඩසටහන් නිරීක්ෂණය කිරීම සහ ඇගයීම.
  3. ජලභීතිකා රෝගය සම්බන්ධ අවේක්ෂණ (Surveillance) පද්ධති වඩා ශක්තිමත් කිරීම.
  4. ජලභීතිකා මර්දන පිලිබදව ව්‍යවස්ථාව සම්පාදනය බලාත්මක කිරීම.
  5. ජැපනීස් එන්සෆලයිට්ස් රෝගයට එරෙහිව ඌරන එන්නත් කිරීමේ සමුහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පහසුකම් සැලසීම.
 

සාධනය

1975 වසරේ සිට ජලභීතිකා රෝගය මර්දන සදහා ගනු ලැබූ විවිධ ක්රියමර්ගයයන් ශ්‍රී ලංකාව තුල මානව ජලභීතිකා රෝගය මර්දන කිරීමේ ලා ඇති විශාල බලපෑමක් ඇති කරනු ලැබීය.1973 වසරේදී 377ක්ව පවතී මානව ජලභීතිකා මරණ සංඛ්‍යාව 2014 වසර වන විට 14 දක්වා අවම කිරීමට හැකියාව ලැබිණි.