ජලභීතිකාව පිලිබදව


ජලභීතිකා රෝගය වෛරසයක් මගින් ක්ෂීරපායී සතුන්ගෙන් මිනිසාට සෑදෙන මාරාන්තික රෝගී තත්වයකි. මෙය මිනිසාට බෝවන්නේ ආසාදිත සතෙකුගෙ ඛේටය (කෙල) , සතා සපා කෑමෙන්, සීරීමක් ඇති තැනකින්, සම කැඩුණු තැනකින් හෝ ශ්ලේෂ්මල පටලයකින් මිනිස් සිරුරට ඇතුඵු වීමෙනි. ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වේ.

සතෙකු සපා කෑ විගස නොපමාව වෛදය ප්‍රතිකාර සදහා යොමු වීම අත්‍යවශ්‍ය වේ. අවශ්‍ය එන්නත් නිසි කලට ලබා නොගැනීම හේතුවෙන් මාරාන්තික ජලභීතිකා රෝගයට ගොදුරු විය හැකිය. ලොවපුර ජනගහනයෙන් වසරකට මිනිසුන් 55000 කට අධික ප්‍රමාණයක් ජලභීතිකා රෝගය වැලදීම හේතුවෙන් මිය යයි. බහුතර මානව මරණ සංඛ්‍යවක් (95% ක් පමණ) ආසියානු හා අප්‍රිකා කලාප වලින් වාර්තා වේ.

ජලභීතික වෛරසය වෛරසය රැබ්ඬොවයිරිඬ් (Rhabdoviridee) කුලයට අයත් ලිසවයිරස් (Lyssavirus) ගණයේ වෛරසයකි. එය සිලින්ඩරාකාර ස්වරුපයක් ගන්නා අතර පිටත ලිපිඩ අවරණයකින් සැදුම්ලත් RNA වෛරසයකි.

හිසරදය හා උණ ජලභීතික රෝගයේ මුලින්ම ඇතිවන රෝගයේ මුලින්ම ඇතිවෙන රෝග ලක්ෂණ වන අතර පසුව එය දරුණු හැසිරීම්, පාලනය කළනොහැකි කලබලකාරී හැසිරීම් දැක්වීම, ජලයට ඇති අකමැත්ත ආදී ලක්ෂණ දක්වා වැඩි වේ. අවසානයේ සිදුවන ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් මරණය සිදු වේ.

ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වේ. එනමුත් බළලුන්, මුගටියන්, නරියන් ලේනුන් ආදී වෙනත් ආසාධිත ක්ෂීරපායි සතුන් මගින් ජලභීතිකා රෝගය මිනිසාට වැළදිය හැකිය.

ශ්‍රී ලංකාව තුල වසරකට සමාන්‍යයෙන් ජලභීතිකා මානව මරණ 20-30 අතර ප්‍රමාණයක් වාර්තා වේ. එයින් වැඩිපුර මරණ සංඛ්‍යවක් සිදුවන්නේ සුනඛ සපාකෑම් මගිනි. ශ්‍රී ලංකාවේ ජලභීතික රෝගයට ප්‍රධාන හේතුව වන්නේ සුනඛයන් එම රෝහයට එරෙහිව එන්නත් සිදු නොකිරීම සහ රොගීන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු නොකිරීම. නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම් ජලභීතික රෝගය සියයට සියයක්ම වලක්වා ගත හැකි රෝගයකි. ජලභීතිකා රෝගය වැලැක්වීම සදහා ප්‍රතිකාර රජයේ රෝහල් මගින් නොමිලේ ලබා ගහ හැකිය.

ජලභීතික රෝගය මර්දනය සදහා වාර්ෂිකව සුනඛයින් එන්නත් කිරීම ශ්‍රී ලංකාව තුල නිර්දේශිත වේ. 1975 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ ජලභීතික රෝග මර්දන ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් ලෙස මානව ජලභීතික රෝගය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය. 1973 දී 377 ක්ව පැවති මානව මරණ සංඛ්‍යාව 2014 වර්ෂය වනවිට 19 දක්වා අඩු විය.