පාලනය හා මර්දනය


ශ්‍රී ලංකාව තුල ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයින් වේ. 1980 දී කරන ලද පරිසර විද්‍යා අධ්‍යනයේදී සුනඛ සහ මිනිස් ගහණ අනුපාතය 1:8 ලෙස අනාවරණය කර තිබේ. 1996 වර්ෂයෙදී මිරීගම ප්‍රදේශයේ සිදු කරන ලද පරිසර විද්‍යා අධ්‍යනයේදී සුනඛයින්ගේ වර්ධන අනුපාතය 1:4 ලෙස අනාවරණය වී ඇත. තවද මෙම අධ්‍යනයේදී හිමිකරුවන් නොමැති සුනඛයින් 20% සිටින බව අනාවරණය වී ඇත. 2009 සහ 2010 වර්ෂ වල පොළොන්නරුව, කෑගල්ල, ගම්පහ, සහ මාතර ප්‍රදේශ වල සිදු කරන ලද සමීක්ෂණයේදී සුනඛ සහ මිනිස් ගහණ අනුපාතය 1:6 ලෙස අනාවරණය විය.

2009 වර්ෂයේදී, 85% කට වැඩි සත්ව ජලභීතිකා ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ සුනඛයින් අතරින් වේ. පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ සුනඛයින් 58% කට ජලභිතිකා රෝගය වැලදී ඇති බවයි.

වගකීමක් සහිතව සුනඛයින් ඇති කරන්න


ඔබේ සුරතල් සුනඛයා ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර ඇතිද ?
ඔබේ සුරතලාට නිවසින් බැහැර මාර්ගයේ අයාලේ යාමට කිසිවිටක ඉඩ දෙන්න එපා.
ඔබේ සුරතලා පිරිසිදුව සහ ආදරයෙන් රැකබලා ගන්න.
ඔබේ සුරතලාට අපහසුතාවයෙන් තොර නියමිත ඉඩ පහසුකම් සහිත සුදුසු නිවසක් ලබා දෙන්න.
ඔබේ සුරතලා සදහා පිරිසිදු ආහාර ලබා දෙන්න.
 

සුනඛයෙකු හෝ වෙනත් සැක සහිත සතෙකු සපා කෑ විට


සපා කෑ විගස සබන් ගා තුවාලය ගලා යන ජලයෙන් හොදින් සෝදන්න.
වෛද්‍ය ප්‍රතිකාර සදහා නොපමාව රජයේ රෝහලක් වෙත යොමු වන්න.
ජලභිතකා රෝගයට එරෙහිව ප්‍රති එන්නත් ලබා ගන්න.
අවශ්‍යය නම් antimicrobials ලබාගන්න.