ශ්‍රී ලංකා ජලභීතිකා රෝග මර්දන ක්‍රියාකාරකම් පිළිබඳ ඉතිහාසය


යටත් විජිත යුගයේදී රෝගය මර්ධනය කිරීම සඳහා නීති රීති බල කෙරී ඇති බැවින් ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාව තුළ තිබූ බවට යෝජනා කිරීමට ප්‍රබල සාක්ෂි තිබේ. 1893 වර්ෂයේ ජලභීතිකා පනත හා 1904 යන සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත මේ පිළිබඳ පැහැදිලි දර්ශක වේ.

1953

ලෝක සෞඛ්‍ය සංවිධානය දිවංගත වෛද්ය අර්නස්ට් ටර්කල් මයාගේ නිර්දේශය මත මහජන සෞඛ්‍ය අංශයක් සෞඛ්‍ය අමාත්‍යාශංය තුල ස්ථාපිත කරන ලදී.

1956-10-29

කෘෂිකර්ම අමාත්‍යාශංය සහ සෞඛ්‍ය අමාත්‍යාශංයේ එකඟතාවය මත ජලභීතිකා මර්දන කටයුතු වල පුර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යාශංය වෙත පවරන ලදී.

1959

ජලභීතිකා මර්දන පිළිබඳ කෙටිකාලින සැලසුමක් 1959 දීත් එළිදක්වන ලද මුත් ඒවා ක්‍රියාවට නොනැගිණි.

1971

ජලභීතිකා රෝගය " වාර්තා කලයුතු " ගණයේ රෝගයක් ලෙස හදුනා ගැනුණි.

1973

හැත්තෑව දශකයේ වාර්තා වන ලද 377 ක් වූ මානව මරණ සෞඛ්‍ය මෙතෙක් වාර්තා වූ වැඩිම ජලභීතිකා මානව මරණ සංඛ්‍යාව වේ.

1975

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංයෝගය ජලභීතිකා රෝගය තුරන් කිරීමේ පස් අවුරුදු වැඩසටහන ( 1976-1980 ) දියත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබිණි. සුනඛයින් සදහා ජලභීතිකා රෝග මර්දන එන්නතක් ( Fleury type anti rabies vaccine ) නිපදවීම සදහා පහසුකම් සහිත විද්‍යාගාරයක් පේරාදෙණිය පශු පර්යේෂණ ආයතනයේ ස්ථාපිත කිරීම මෙහිදී සිදු වු විශේෂ කාර්යය විය.

1981

මහජන සෞඛ්‍ය පශු වෛද්ය සේවාව විශේෂ රෝග මර්දන ව්‍යාපාරයක් බවට වැඩි දියුණු වීම.

1981-1985

දෙවන පස් අවුරුදු සැලැස්ම අයාලේ යන සුනඛයන් තුරන් කිරීම සදහා මුලිකත්වය දෙන ලදී.

1985-1991

AGFUND / RB / WHO යටතේ ජලභීතිකා මර්දන ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 7 ක මර්දන කටයුතු සිදු කිරීම. ( කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට)

1989

ජලභීතිකා මර්දන කටයුතු පලාත් සභා වෙත විමධ්‍ය ගත කිරීම.

1995

මානව ජලභීතිකා මරණ සංඛ්‍යාව 154 දක්වා නැවත ඉහළ ගිය අවස්ථවක ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය වැන්ඩෙලර් ඇතුළු විශේෂඥයින් කණ්ඩායමක් විසින් මිරීගම ප්‍රදේශය කේන්ද්‍ර කොට සුනඛ ගහණ සංගණනය සිදු කරන ලදී. වර්ෂ 1985 දී 1:8 ක්ව පැවැති සුනඛ ගහණ අනුපාතය 1994 වන විට 1:4 ලෙස වර්ධන වී ඇති එම සංගණනයේදී හෙළිවිය. එමෙන්ම සුනඛ එන්නත් කිරීමේ වැඩසටහන් මගින් එන්නත් කෙරෙනුයේ සුනඛ ගහණයෙන් 44% ප්‍රමාණයක් පමණක් බවත් අනාවරණය විය.

1998 පටන්

සුනඛ ගහණය එන්නත් කිරීම සදහා සුදුසු ක්‍රම වේදයන් පිලිබදව වෛද්‍ය පි. ඒ. එල්. හරිස්චන්ද්‍ර මයා විසින් පෙන්වා දෙන ලදී.එහිදී පළමු පියවර ලෙස මුඛය මාර්ගයෙන් ලබා දෙන ජලභීතිකා මර්ධන එන්නත් පිලිබදව සලකා බලන ලදී. එහි නියමු ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි. ඒ අනුව වසර 2003 දී සුනඛ ගහණයෙන් 75% කට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් කිරීමට හැකියාව ලැබිණි.

2004 දී

දුරස්ථව හිද අයාලේ යන සුනඛයින් එන්නත් කිරිමට හැකි ආරක්ෂාකාරි නව උපාකරණයක් (auto Vaccinator) හදුන්වා දෙන ලදි. එමගින් අයාලේ යන සුනඛයින් සාර්ථකව එන්නත් කිරිමට හැකියාව ලැබිණි. මෙම ක්‍රමවේදයන්ගේ ප්‍රතිඵලයක් ලෙස වසර 2005 දී මානව ජලභීතිකා මරණ 55 දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබිණි.

2007 පටන්

ගැහැණු සතුන් සදහා උපත් පාලන එන්නත් ලබා දීම හා සුනඛ වදකාරය , සැත්කම් කීරීම් මගින් සුනඛ ගහණය බෝවීම පාලනය කිරීමට හැකි විය.

මානව ජලභීතිකා මර්දන පසු ප්‍රතිකාර ලබා දීම


ජලභීතිකාව වැලදුනු සතෙකු හෝ සැක සහිත සතෙකු සපා කෑ පුද්ගලයින් එන්නත් කීරීම සදහා යොදා ගන්නා මානව ජලභීතිකා මර්දන එන්නත නිපදවීම දශක කීපයකට පෙර වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් අරම්භ කෙරිණි. එළුවන්ගේ මොළය ආශ්‍රිත පටක ආශ්‍රියෙන් නිපදවනු ලැබූ ජලභීතිකා මර්දන එන්නත රජයේ රෝහල වෙත ලබා දෙන ලදී .

2001 පටන්

වර්තමානය වන විට ඉහතින් සදහන් කරන ලද එනනත් වර්ගය නිපදවීම වෙනුවට වඩා ආරක්ෂාකාරී “cell culture” එන්නත නිපදවීම සිදු කරනු ලබයි.

2002 දී

ප්‍රති ජලභීතිකා පශ්චාත් නිරාවරණය ප්‍රතිිකාරය (PET) විසින් ජලභීතිකා නිවාරණ මාර්ගෝපදේශය පිලිවෙත් චක්රලේඛය රෝහල් අතර බෙදා දෙන ලදී.

2007 දී

සුනඛ ගහණය පාලනය කීරීම සදහා ක්‍රියාත්මක වුනු සුනඛයින් මරණයට පත් කීරීමේ ක්‍රම වේදය සම්පුර්ණයෙන්ම නවතා දමන ලදී.